Loading...
විදේශ සංචිත වල විශාල ඉහළ යාමක්.
Local විදේශ සංචිත වල විශාල ඉහළ යාමක්.
  • Admin
  • Jan 08, 2026 | 16:23

දෙසැම්බර් මාසය තුළ දළ නිල විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 6,825 දක්වා ඩොලර් මිලියන 791කින් ඉහළ ගොස් තිබෙනවා. මෙය ආර්ථික අර්බුදයෙන් පසුව වාර්තා වන ඉහළම විදේශ සංචිත ප්‍රමාණයයි.

මහ බැංකුව විසින් මාසය ඇතුළත වෙළඳපොළෙන් ඩොලර් මිලියන 222.5 ක මුදලක් මිල දී ගෙන ඇති අතර, මූල්‍ය අරමුදලෙන් තවත් ඩොලර් මිලියන 206 ක් ලැබුනු අතර ඊට අමතර ණය හා ආධාර ලෙස රජයට සැලකිය යුතු විදේශ විණිමය ප්‍රමාණයක් ලැබී ඇති බව පෙනෙන්නට තිබේ.