මුහුදුබඩ දුම්රිය මාර්ගයේ අම්බලන්ගොඩ කරිත්ත කන්ද 52 හමාර කනුව අසල දී ලොරියක් දුම්රිය මාර්ගයට ලිස්සා ගොස් අනතුරක් සිදුව තිබේ.
අනතුර හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා ඇතිව තිබෙන අතර, මේ හේතුවෙන් කාර්යාල දුම්රිය 5 ක් පමණ ප්‍රමාද වී ඇති බව වාර්තා වේ.
අද (08) අලුයම 5.30 ට පමණ විද්‍යාලය මාවතේ නිවසකට ගොඩනැගිල්ල ද්‍රව්‍ය ප්‍රවාහනය කරන ලොරි රථයක් නැවත යමින් සිටියදී මෙම අනතුරට මුහුණදී තිබේ.
අනතුර සම්බන්ධයෙන් අම්බලන්ගොඩ දුම්රිය ස්ථානය දැනුවත් කිරීම හේතුවෙන් සිදුවීමට ගිය අනතුරක් වළක්වා ගැනීමට හැකි වූ බව පොලීසිය පැවසීය.