Loading...
වසර දෙකකට ආසන්න කාලයකට පසුව ඩොලරය රු. 310 පනී.
Local වසර දෙකකට ආසන්න කාලයකට පසුව ඩොලරය රු. 310 පනී.
  • Admin
  • Jan 07, 2026 | 15:47

ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව අද (07) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක නිරූපිත එතැන් විනිමය අනුපාතිකය (Indicative Rate of the USD/LKR Spot Exchange Rate) රු. 310.02 ක් ලෙස වාර්තා වී තිබේ.


2024 පෙබරවාරි 29 දිනෙන් පසු ඩොලරයේ මධ්‍ය අගය මෙලෙස රු. 310 සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙයයි.


මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (07) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 306.28ක් හා විකුණුම් මිල රු. 313.81 ක් ලෙසින් සටහන් වී තිබේ.


ශ්‍රී ලංකා මහ බැංකුව මීට පෙර සඳහන් කර සිටියේ පසුගිය 2025 වසර තුළ දී ශ්‍රී ලංකා රුපියල, එක්සත් ජනපද ඩොලරය හමුවේ 5.6% කින් අවප්‍රමාණය වී ඇති බවයි.