Loading...
මෙරට රන් මිල තවත් ඉහළට.
Local මෙරට රන් මිල තවත් ඉහළට.
  • Admin
  • Jan 06, 2026 | 15:22

වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝව අමෙරිකාව විසින් යටත්කර ගැනීමත් සමඟ ලෝක රන් මිල තවදුරටත් ඉහළ ගොස් තිබේ.


ඒ අනුව අද (06) උදෑසන ආසියානු වෙළෙඳපොළේ රන් අවුන්සයක් ඩොලර් 4,461 ක් ලෙස දැක්වුණි.


මේ අතර ලෝක රන් මිලට සාපේක්ෂව මෙරට රන් මිල ද රු 3,000 කින් ඉහළ ගොස් ඇතැයි වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි.


ඒ අනුව අද පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි "කැරට් 22" රන් පවුමක මිල රු. 337,600 ක් දක්වා ඉහළ ගොස් තිබේ.


ජනවාරි මස 1 වනදා එය දැක්වුණේ රු. 327,500 ක් ලෙසය.


මේ අතර ජනවාරි මස 1 වනදා රු. 354,000 ක් ලෙස පැවති "කැරට් 24" රන් පවුමක මිල අද වනවිට රු. 365,000 ක් දක්වා ඉහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.