Loading...
අපරාධවලට සම්බන්ධ තවත් පුද්ගලයින් 27 ක් හඳුනාගනී.
Local අපරාධවලට සම්බන්ධ තවත් පුද්ගලයින් 27 ක් හඳුනාගනී.
  • Admin
  • Jan 06, 2026 | 13:29

දිවයින පුරා සිදුකරන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම යටතේ විවිධ අපරාධ වලට සෘජුවම සම්බන්ධ වූ තවත් පුද්ගලයින් 27 දෙනෙකු හඳුනාගත් බව පොලීසිය පවසයි.


මෙම අත්අඩංගුවට ගැනීම් ඊයේ (05) දිනයේ දී සිදුකර ඇති අතර එහිදී පුද්ගලයින් 28,636 දෙනෙකු පරීක්ෂාවට ලක්කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේය.


විවිධ සිද්ධීන්වලට සැකපිට පුද්ගලයින් 548 දෙනෙකු සහ වරෙන්තුකරුවන් 142 දෙනෙකු එහිදී අත්අඩංගුවට ගෙන ඇත.


ඊට අමතරව බීමත්ව රිය ධාවනය සම්බන්ධයෙන් පුද්ගලයින් 421 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පැවසීය.


එමෙන්ම අපරික්ෂාකාරි රිය පැදවීම් වලට අත්අඩංගුවට ගැනීම් 41 ක් සිදු කර ඇති අතර රථවාහන වෙනත් වැරදී 4585 ක් වාර්තා වී ඇති බව පොලීසිය පවසයි.