කැලණිය ප්‍රාදේශීය සංවර්ධන කමිටුව ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය මහාචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් සහ කැලණිය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් අද(17) පැවැත්වුණි.
ඒ කැලණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේදී ය.
කැලණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, කැලණිය ප්‍රාදේශීය සභාව, පෑලියගොඩ නගර සභාව, කැලණිය, කිරිබත්ගොඩ සහ පෑලියගොඩ පොලිස් ස්ථාන, මහජන සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය ඇතුළු සියළු රාජ්‍ය ආයතන නියෝජනය කරමින් රාජ්‍ය නිළධාරීන් හා මහජන නියෝජිතයන් එක්ව සිටියේය.
එහිදී දිට්වා සුළි කුණාටුවෙන් විපතටපත් කැලණිය හා පෑලියගොඩ ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් සහන සැලසීම මෙන්ම ආපදා කළමනාකරණය සඳහා කටයුතු කළ යුතු ආකරය පිළිබඳව මූලිකව සාකච්ඡා කෙරුණි.
එමෙන්ම ආපදා තත්වයෙන් විපතට පත් රටේ සියළුම ජනතාව වෙනුවෙන් රජය මගින් ක්‍රියාත්මක සහන සේවා හා ආපදාවන්ට ලක්වූ පොදු දේපල ප්‍රතිසංස්කරණය, ජන ජීවිතය යතාතත්වයට පත් කිරීම, සහනාධාර ලබාදීම ආදී සියළු කටයුතු පිළිබඳව අමාත්‍යවරයා විසින් රාජ්‍ය නිළධාරීන් දැනුවත් කිරීමක් සිදු කළේය.
තවද දැනට කැලණිය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති හා ඒවාගේ ප්‍රගතිය පිළිබඳවද අවධානය යොමු කරන්නට විය.
ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීම, විෂ මද්‍රව්‍ය තුරන් කිරීම ආදී ජන ජීවිතයට බලපාන කරුණු පිළිබඳවද සාකච්ඡාවට ගැණුණි.
කැලණිය ප්‍රාදේශීය ලේකම් ජී. එස්. රණසිංහ මහත්මිය, කැලණිය ප්‍රාදේශීය සභා සභාපති සඳුන් යාපා මහතා කැලණිය, උප සභාපතිනි ලක්ෂිකා සුභාෂිණි මහත්මිය, කිරිබත්ගොඩ, පෑලියගොඩ පොලිස් ස්ථානාධිපතිවරුන් ද මෙම අවස්තාවට සහභාගි විය.