2025 අධ්‍යයන පොදු සහතිකපත්‍ර උසස් පෙළ විභාගයේ මෙතෙක් පවත්වා නොමැති විෂයයන්ට අදාළව සියලුම උපකාරක පන්ති සහ ප්‍රචාරණ කටයුතු අද (06) මධ්‍යම රාත්‍රියේ සිට විභාගය අවසන් වන තෙක් තහනම් කරන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, විභාග අපේක්ෂකයන් වෙනුවෙන් පවත්වනු ලබන උපකාරක පන්ති, විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම,අනුමාන ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම සහ බෙදා හැරීම යනාදිය තහනම් වන බවයි.
එමෙන්ම විභාග ප්‍රශ්න පත්‍රවලට සමාන ප්‍රශ්න ලබාදෙන බවට පෝස්ටර්, බැනර්, අත්පත්‍රිකා හෝ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මඟින් ප්‍රසිද්ධියට පත් කිරීම තහනම් වේ.
ඉතිරිව ඇති විෂයයන් සඳහා වන විභාග කටයුතු 2026 ජනවාරි මස 12 වැනිදා ආරම්භ වී 20 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.
ඒ සඳහා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,362 ක් ස්ථාපිත කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.