Loading...
සැකකරුවෙකු යැයි සිතා තමාට පහර දුන් බවට තරුණයෙකුගෙන් පොලීසියට චෝදනා.
Local සැකකරුවෙකු යැයි සිතා තමාට පහර දුන් බවට තරුණයෙකුගෙන් පොලීසියට චෝදනා.
  • Admin
  • Jan 05, 2026 | 14:59

සැකකරුවකුගේ රුව තමාගේ රුව සමඟ පටලවාගනිමින් බොරැල්ල පොලිසියේ නිලධාරීන් පිරිසක් තමාට පහරදුන් බවට දැරණියගල ප්‍රදේශයේ පුද්ගලයෙක් චෝදනා කර තිබේ.මෙම සිද්ධියට මුහුණ පා ඇත්තේ දැරණියගල ප්‍රදේශයේ කුඩා අවන්හලක් පවත්වාගෙන අයෙකි.දෙසැම්බර් 30 වැනිදා රාත්‍රීයේ කොහුවල බෝධියාවත්ත ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුවූ අතර ඉන් 16 හැවිරිදි දැරියකට තුවාල සිදු විය.එම සිද්ධියට අදාළව පොලිසියට අවශ්‍ය කරන සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහාය පතමින් අතින් අඳින ලද සැකකරුවෙකුගේ සිතුවමක්ද මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කර තිබුණි.මෙවන් පසුබිමක දැරණියගල ප්‍රදේශයේ කුඩා අවන්හලක් පවත්වාගෙන යන ළහිරු මධුසංඛ නැමැත්තා ඉකුත් ජනවාරි පළමුවැනිදා කොළඹට පැමිණ තිබුණේ සිය ව්‍යාපාරයට අවශ්‍ය බඩුබාහිරාදිය රැගෙන යාම සඳහාය.ඔහු එදින රාත්‍රීයේ බේස්ලයින් මාවතේ පිහිටි සිය බිරිඳගේ නිවසේ රැඳී සිට ඇති අතර ඊට පසුදින උදෑසන කාලයේ එම නිවසට පොලිස් නිලධාරීන් පැමිණ තිබුණි.අනතුරුව ස්ව කැමැත්තෙන් ප්‍රකාශයක් ලබාදීමට බොරැල්ල පොලිසිය වෙත ගිය තමන්ට අදාළ සැකකරුගේ සිතුවම පෙන්වා පොලිස් නිලධාරීන් පහරදුන් බවට තරුණයා චෝදනා කර ඇත.දින 2 කට ආසන්න කාලයක් බොරැල්ල පොලිසියේ රඳවා සිටි ළහිරුව ඉන් නිදහස් කර ඇත්තේ ඉකුත් 3 වැනිදා පස්වරුවේදීය.මෙම චෝදනාව සම්බන්ධයෙන් බොරැල්ල පොලිසියේ ස්ථානාධිපතිවරයාගෙන් විමසීමක් සිදු කළේය.එහිදී ස්ථානාධිපතිවරයා පැවසුවේ සැකපිට අත්අඩංගුවට ගත් අදාළ තරුණයාගේ තොරතුරු පරීක්ෂා කර පොලිස් ඇප මත මුදාහැරීමට පියවර ගත් බවය.කෙසේ වෙතත් ඔහුට පහරදුන් බවට පොලිසියට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බව බොරැල්ල පොලිසියේ ස්ථානාධිපතිවරයා සඳහන් කළේය.