Loading...
නීති විරෝධි මත්පැන් බෝතල් 109ක් සමග කාන්තාවක් අත්අඩංගුවට.
Local නීති විරෝධි මත්පැන් බෝතල් 109ක් සමග කාන්තාවක් අත්අඩංගුවට.
  • Admin
  • Jan 05, 2026 | 10:36

මීරිගම පොලිස් වසමේ බජංගොඩ ප්‍රදේශයේදී නීති විරෝධි මත්පැන් පෙරීමට යොදා ගන්නා ගෝඩා ලීටර් 1080 (බැරල් 06) ක් සහ නීති විරෝධි මත්පැන් ලීටර් 81 (බෝතල් 109) ක් හා මත්පැන් පෙරීමට ගන්නා උපකරණ සමඟ සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබේ.මීරිගම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමක දී මෙම සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත.මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 56ක් වන අඹේපුස්ස ප්‍රදේශයේ පදිංචිකාරියකි.මීරිගම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.