Loading...
ජනවාරි 01 වනදා සිට ක්‍රියාත්මක කිරීමට තිබු ආහාර පනතේ නියෝග කිහිපයක් බලාත්මක වීම කල්දමයි.
Local ජනවාරි 01 වනදා සිට ක්‍රියාත්මක කිරීමට තිබු ආහාර පනතේ නියෝග කිහිපයක් බලාත්මක වීම කල්දමයි.
  • Admin
  • Jan 04, 2026 | 13:41

ආහාර පනතේ 32 වන වගන්තිය යටතේ ඇති නියෝග කිහිපයක් බලාත්මක වන දිනය කල් දැමීමට සෞඛ්‍ය හා ජන මාධ්‍ය අමාත්‍යංශය පියවර ගෙන තිබේ.


ආහාර උපදේශන කමිටුවෙන් විමසීමෙන් අනතුරුව සෞඛ්‍ය හා ජන මාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් මෙම පියවර ගෙන ඇති බව වාර්තා වේ.


ඒ අනුව 2023 පෙබරවාරි මස 14 වන දින අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කරන ලද ආහාර පනතේ නියෝග කිහිපයක් බලාත්මක කිරීම ලබන ජුලි මස 01 වන දින දක්වා කල් දැමීමට පියවර ගෙන ඇති බව සඳහන් වේ.


ආහාර ලේබල් කිරීමේ සහ ප්‍රචාරය කිරීමේ නියෝගය, දියර ආහාරවල සීනි මට්ටම සදහා වර්ණ සංකේතවත් කිරීමේ නියෝගය, ආහාර සදහා ලුණු අයඩීනිකරණය කිරීමේ නියෝගය සහ ට්‍රාන්ස් මේද පිළිබඳ නියෝගය යන නියෝග බලාත්මක කිරීම ජුලි මස 01 වනදින සිට ක්‍රියාත්මක බව සෞඛ්‍ය හා ජන මාධ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.


මීට පෙර අදාළ නියෝග මේ වසරේ ජනවාරි මස 01 වනදා සිට බලාත්මක කිරීමට නියෝග කර තිබුණි.