Loading...
පොල් මිල යළි ඉහළට.
Local පොල් මිල යළි ඉහළට.
  • Admin
  • Jan 04, 2026 | 12:54

සිල්ලර වෙළෙඳපළේ පොල් මිල යළි ඉහළ ගොස් ඇත.පසුගිය වසරේ පොල් නිෂ්පාදනය ඉහළ ගොස් ඇතත් අසාමාන්‍ය ලෙස පොල් ගෙඩියක මිල ඉහළ දැමීම අතරමැදි වෙළෙඳුන් විසින් සිදු කරන බව පොල් වගා කිරීමේ මණ්ඩලය කියයි.ගෙවුණු සතියේදී පොල් වෙන්දේසියේ දී පොල් ගෙඩියක මිල රුපියල් 122-124 අතර සටහන් වූ බවත් මේ දිනවල සිල්ලර වෙළෙඳපොළේ පොල් ගෙඩියක මිල රුපියල් 180ත් 200ත් දක්වා ඉහළ ගොස් ඇති බවත් හෙතෙම පැවැසීය.පසුගිය වසරේදී පොල් නිෂ්පාදනය ගෙඩි මිලියන දෙදහස් නවසියයකි. 2026 වසරේදී පොල් ගෙඩි මිලියන තුන් දහසක් නිෂ්පාදනයට සැලසුම් කර ඇති බවත් දේශීය පරිභෝජනයට සහ කර්මාන්ත සඳහා ඉල්ලුම සැපයීම සඳහාත් පොල් නිෂ්පාදනය ඉහළ නැංවීමට අවශ්‍ය පියවර ගෙන ඇතැයි පොල් වගා කිරීමේ මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවැසීය.