Loading...
CEBය 11.57%ක විදුලි ගාස්තු සංශෝධනයක් ඉල්ලයි.
Local CEBය 11.57%ක විදුලි ගාස්තු සංශෝධනයක් ඉල්ලයි.
  • Admin
  • Jan 02, 2026 | 15:47

2026 වසරේ මුල් කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනාවලිය ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසම් සභාව වෙත ඉදිරිපත් කර තිබේ.එම කොමිසම සඳහන් කළේ, විදුලිබල මණ්ඩලය විසින් සියයට 11.57ක විදුලි ගාස්තු ඉහළ දැමීමක් එමඟින් යෝජනා කර ඇති බවය.2026 වසරේ ජනවාරි සිට මාර්තු මාසය දක්වා වන මාස 03 ට අදාළව මෙම ගාස්තු සංශෝධනය යෝජනාකර ඇති අතර අදාළ කාලය තුළ විදුලිබල මණ්ඩලයේ පාඩුව රුපියල් මිලියන 13,094 ක් ලෙස ඔවුන් විසින් ඉදිරි පත් කර ඇති යෝජනාවලියේ සටහන් කර ඇති බව සඳහන් වේ.මණ්ඩලය විසින් ඉදිරිපත් කර ඇති යෝජනා සමාලෝචනය කිරීමෙන් පසු ඒ පිළිබඳ මහජන අදහස් විමසීමට පියවර ගන්නා බව මහජන උපයෝගිතා කොමිසම සඳහන් කළේය.ඒ අනුව ජනවාරි මස 02 වන සතිය වන විට මහජන උපදේශනයේ කටයුතු ආරම්භ කෙරෙන අතර සති 06 ක කාලයක් තුළ ගාස්තු සංශෝධනය පිළිබඳ උපයෝගිතා කොමිසමේ අවසන් තීරණය දැනුම්දීමට පියවර ගන්නා බව එම කොමිසම පැවසීය.