ඉන්දියාව මේ වනවිට ජපානය පසුපසට දමමින් ලොව සිව්වැනි විශාලතම ආර්ථිකය බවට පත්ව ඇති බව ඉන්දීය රජය විසින් ප්‍රකාශයට පත් කර තිබේ. එමෙන්ම එරට වසර 2030 වනවිට දැනට ලොව තුන්වැනි විශාලතම ආර්ථිකය වන ජර්මනිය සිටින ස්ථානයට පත්වන බවද ඉන්දීය රජය විසින් නිවේදනයකර තිබේ.
ඉන්දීය රජයට අනුව භාණ්ඩ අපනයනය වර්ධනය වීම හේතුවෙන් ඉන්දියාව මේ වනවිට ලොව වේගයෙන් වර්ධනය වන ප්‍රධාන පෙළේ ආර්ථිකයන් බවට පත්ව සිටියි. ඉන්දියාවේ දළ දේශීය නිෂ්පාදිතය 2025-26 වසරයේ දෙවැනි කාර්තුවේදී සියයට 8.2කින් වර්ධනය වී ඇති බවද එරට රජය විසින් ඒ සම්බන්ධයෙන් නිකුත් කර ඇති නිවේදනයෙහි දැක්වේ.