පුනුරුදයට මග වැඩපිළිවෙල යටතේ ග්‍රාමීය ප්‍රදේශවල ජීවන තත්ත්වය උසස් කරමින් ජනතා ගමනාගමනය පහසුකම් පුළුල් කිරිම සඳහා ග්‍රාමීය මාර්ග 76ක් සංවර්ධනය කිරීම අද (01) ආරම්භ වෙයි.ප්‍රවාහන හා මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන මෙම ව්‍යාපෘතියේ පළමු අදියර සඳහා රුපියල් මිලියන 5000ක මුදල් වෙන් කර ඇතමෙම ව්‍යාපෘතිය මඟින් ගම්මාන සම්බන්ධතා ශක්තිමත් කිරීම ,වෙළඳපොළ හා අත්‍යවශ්‍ය සේවා වෙතපහසු ප්‍රවේශය සැලසීම ,ග්‍රෘමීය ආර්ථිකය ශක්තිමත් කිරීම ආදී අරමුණු ඉටු කිරීමට අපේක්ෂා කෙරේ. එමෙන්ම මෙතෙක් බස් රථ ධාවනය නොවූ ග්‍රාමීය මාර්ග 40කට අද සිට බස් සේවා ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.