Loading...
චීනය ලෝකයට තවදුරටත් විවෘත වීමට සූදානම්’ – චීන ජනපති අලුත් අවුරුද්දේ කියයි.
Local චීනය ලෝකයට තවදුරටත් විවෘත වීමට සූදානම්’ – චීන ජනපති අලුත් අවුරුද්දේ කියයි.
  • Admin
  • Jan 01, 2026 | 12:54

2026 නව වසර උදා වීම නිමිත්තෙන් චීන ජනාධිපති ෂී ජින් පිං, චීන මාධ්‍ය සමූහය සහ අන්තර්ජාලය ඔස්සේ නව වසරේ සුබ පැතුම් පණිවුඩය නිකුත් කරයි.ගෙවී යන 2025 වසර, චීනයේ “14 වන පස් අවුරුදු” සමයේ අවසාන වසර බව හෙතම එහිදී සඳහන් කරයි.චීන ආර්ථිකයේ සමස්ත ප්‍රමාණය නොකඩවාම නව ඉහළ මට්ටමකට පිවිස ඇති අතර, 2025 වසරේ එම අගය චීන යුවාන් ට්‍රිලියන 140කට ළඟා වනු ඇතැයි අපේක්ෂා කෙරේ.චීනය ලෝකය තවත් විවෘත ආකාරයෙන් වැළඳ ගැනීමට සූදානම් බවත්. ඉතිහාසයේ නිවැරදි දිශානතිය ඔස්සේ ගමන් කරමින් විවිධ රටවල් සමග එක්ව ලෝකයේ සාමකාමී සංවර්ධනය, පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැංවීම තහවුරු කිරීමට සූදානම් බව චීන ජනාධිපතිවරයා සඳහන් කළේය.2026 වසර චීනයේ ’15 වන පස්අවුරුදු’ සැලැස්මේ ආරම්භක වසරයි. එහි ඉලක්ක හා අරමුණු තහවුරු කරමින් ඉහළ ගුණාත්මකභාවයෙන් යුත් සංවර්ධනයක් සාක්ෂාත් කර ගැනීමට චීනය අපේක්ෂා කරන බවද චීන ජනාධිපතිවරයා පැවසීය.