මොරටුව රාවතාවත්ත ප්‍රදේශයේ මගී බස් රථයක් අනතුරක
මොරටුව රාවතාවත්ත ප්‍රදේශයේ දී බස් රථයක් මාර්ගයේ බෙදාවෙන්කරන තීරුවේ තිබූ විශාල ගසක ගැටී නැවත මාර්ගයේ වම්පසට ධාවනය වී විදුලි උපකරණ වෙළෙඳසැලක ඉදිරිපස නාමපුවරුවක ගැටී නතරවීමෙන් අද(13) උදෑසන සිදුවූ අනතුර සිදුව ඇත.
මොරටුව රාවතාවත්ත ගාලු පාර ප්‍රදේශයේදී (13 වැනිදා) උදෑසන බස් රථයක් අනතුරට ලක් වී ඇතැයි මොරටුව රථ වාහන පොලීසිය පැවසීය.
මොරටුව බස් රථ ගාල වෙත සිය ගමන් වාරය ලබා ගැනීමට ගමන් කර තිබූ බස් රථයක් මෙලෙස අනතුරට ලක් ව ඇත.බස් රථය පදවාගෙන පැමිණ ඇත්තේ විසිතුන් හැවිරිදි එම බස් රථයේ කොන්දොස්තරවරයා බවත් ඔහු මත්පැන් සහ මත්ද්‍රව්‍ය පානය කර සිට ඇතැයි වෛද්‍ය වාර්තාව සදහන් බව මොරටුව
රථවාහන ස්ථානාධිපතිවරයා පැවසීය.
කොළඹ දෙස සිට ගාලු පාර ඔස්සේ මොරටුව දෙසට පැමිණි මොරටුව - පිටකොටුව මාර්ග අංක 100 ගමන් කරන බස් රථය මාර්ගය මධ්‍යයේ දූපතේ පිහිටා ඇති බෝ ගසක වැදී ඉදිරියට ඇදී ගොස් වම් පසට වන්නට තිබූ පෞද්ගලික පංති පවත්වන සහ විදුලි උපකරණ ප්‍රදර්ශනාගාරයක ගොඩනැගිල්ලක ඉදිරිපස තිබූ නාම පුවරුවේ වැදී බස් රථය නැවතී ඇත.
අනතුර සිදු වූ අවස්ථාවේදීම බස් රථයේ රියදුරු රථයෙන් මාර්ගයට වැටී ඇති අතර ඔහුගේ ජීවිතය අනූනවයෙන් බේරී ඇති බවත් බරපතළ තුවාල ලබා සිටි ඔහුව පානදුර මූලික රෝහල වෙත ඇතුළත් කළ බව පොලීසිය පැවසිය.
එම ස්ථානය පෞද්ගලික පන්ති පවත්වන ස්ථානයක් බැවින් දරු දැරියන් සිටින අවස්ථාවක එම අනතුර සිදු වූවා නම් බොහෝ පිරිසක් අනතුරට ලක්වීමට ඉඩ තිබූ අවස්ථාවක් බවත් මෙම අනතුර උදෑසනකම සිදුවූ නිසාවෙන් එය වැළකී ගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.
මේ වන විට බස් රථයේ හිමිකරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර බස් රථය පදවාගෙන පැමිණි කොන්දොස්තරවරයා පානදුර මුලික රෝහලේ ප්‍රතිකාරයි.
මෙම අනතුර පිළිබඳ වැඩිදුර පරීක්ෂණ මොරටුව මූලස්ථාන පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති අජිත් කුමාර ඇතුළු නිලධාරින් විසින් සිදු කරනු ලබයි.