Loading...
කලාසූරී ලතා වල්පොලගේ අවමංගල්‍ය උත්සවයට පූර්ණ රාජ්‍ය අනුග්‍රහය.
Local කලාසූරී ලතා වල්පොලගේ අවමංගල්‍ය උත්සවයට පූර්ණ රාජ්‍ය අනුග්‍රහය.
  • Admin
  • Dec 30, 2025 | 16:57

අභාවප්‍රාප්ත කලා සූරී ලතා වල්පොල මහත්මියගේ අවමංගල්‍ය උත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.


‘හෙළයේ ගීත කෝකිලාවිය’ යන විරුදාවලිය ලත් අභාවප්‍රාප්ත කලා සූරී ලතා වල්පොල මහත්මිය සිංහල සිනමාව හා හෙළ ගීත ක්ෂේත්‍රය වෙනුවෙන් කළ මෙහෙවර සැලකිල්ලට ගනිමින්, ඇයගේ අවමංගල්‍ය උත්සවය අද ( 31 ) දින

පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා සහ බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.