Loading...
ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට ඊශ්‍රායලයේ තවත් රැකියා අවස්ථා.
Local ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට ඊශ්‍රායලයේ තවත් රැකියා අවස්ථා.
  • Admin
  • Dec 30, 2025 | 16:42

ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ඊශ්‍රායල් රාජ්‍යයේ තාවකාලික සේවයේ නියුක්ත කරවීම සඳහා දෙරට අතර ගිවිසුමක් අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව, ගෘහස්ථ රැකවරණ, කෘෂිකර්මය, ඉදිකිරීම්, ඇතුළු අංශයන්හි රැකියා සඳහා බඳවා ගැනීමට අදාළ ක්‍රියාත්මක කිරීමේ සැලසුම්වලට වරින් වර අත්සන් තබා තිබුණි.එම ගිවිසුම් යටතේ ඊශ්‍රායලයේ වාණිජ හා සේවා අංශයේ රැකියා සඳහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් බඳවාගැනීමට ඊශ්‍රායලය නිල වශයෙන් කැමැත්ත ප්‍රකාශ කර ඇති බව සඳහන්ය.ඒ අනුව, එම අංශයේ රැකියා සඳහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සේවයේ යෙදවීමට හැකි වන පරිදි ගනු ලැබ ඇති පියවර අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දී තිබේ.