Loading...
වතු ආශ්‍රිතව තෝරාගත් පාසල්වල ගුරු නිවාස ඉදිකිරීම සඳහා කැබිනට් අනුමැතිය.
Local වතු ආශ්‍රිතව තෝරාගත් පාසල්වල ගුරු නිවාස ඉදිකිරීම සඳහා කැබිනට් අනුමැතිය.
  • Admin
  • Dec 30, 2025 | 15:44

වතු ආශ්‍රිතව ගුරු නිවාස අත්‍යවශව පවතින තෝරාගත් පාසල් 14 ක ගුරු නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතියක් අදාළ පළාත් සභා හරහා ක්‍රියාත්මක කිරීම පිණිස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් ඉදිරිපත් කළ යෝජනාවක් සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.


ඒ අනුව මධ්‍යම, ඌව, සබරගමුව, බස්නාහිර, දකුණ සහ වයඹ යන පළාත්වල මෙම ගුරු නිවාස ඉදිකිරීම සඳහා අනුමැතිය හිමිව ඇත.එම පළාත්වල වතු ආශ්‍රිතව පාසල් 864 ක් පිටුවා ඇති අතර එම පාසල්වලින් බහුතරයක් ප්‍රධාන නගරවලින් දුරස්ථව වතුකරයේ අභ්‍යන්තර ප්‍රදේශවල පිහිටා තිබේ.මේ හේතුවෙන් විදුහල්පතිවරුන්ට සහ ගුරුවරුන්ට එම පාසල් සඳහා ප්‍රවේශවීමේ අපහසුතා මතුව ඇති අතර එම පාසල්වල ද්විතීයික පන්තිවල පවතින ගුරු හිඟය හේතුවෙන් සාමාන්‍ය පෙළ හා උසස් පෙළ වැනි ජාතික විභාගවලදී එකී පාසල්වල සමස්ත කාර්යසාධනය අනෙකුත් රජයේ පාසල් හා සසඳන විට පහළ මට්ටමක පවතින බව පෙන්වා දී තිබේ.එම තත්ත්වය බොහෝ විට තරුණ පරපුර නුපුහුණු ශ්‍රමිකයින් ලෙස සීමා වීමට හේතුවී ඇති බැවින් වතු ආශ්‍රිත පාසල්වල මානව හා භෞතික සම්පත් ඉහළ නැංවීම අත්‍යවශ්‍ය කරුණක් බවට හඳුනාගෙන ඇත.ඒ අනුව ගුරු හිඟය අවම කරමින් එම පාසල්වල මානව සම්පත් ඉහළ නැංවීමට හැකි වන පරිදි ඉහත පළාත්වල තෝරාගත් ගුරු නිවාස ඉදිකිරීම පිණිස අග්‍රාමාත්‍යවරිය විසින් ඉදිරිපත් කළ යෝජනාව සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇත.