Loading...
හිටපු ඇමති ඩග්ලස් බන්ධනාගාර රෝහලට.
Local හිටපු ඇමති ඩග්ලස් බන්ධනාගාර රෝහලට.
  • Admin
  • Dec 30, 2025 | 13:39

අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කරනු ලැබූ හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා මහර බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබේ.වෛද්‍යවරු විසින් ඒ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ සොයා බැලීමකින් අනතුරුව ලද නිර්දේශ මත ඒ මහතා බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇත.පසුගිය 26 වැනිදා ඒ මහතා ගිනි අවි සිද්ධියක් සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.ඒ 2001 වසරේදී ඔහුගේ පෞද්ගලික පරිහරණය සඳහා යුද හමුදාවෙන් ලබා දුන් ගිනිඅවියක් 2019 වසරේදී සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකඳුරේ මදුෂ්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදි සොයා ගැනීමේ සිද්ධියකට අදාළව සිදුකරන විමර්ශනවලට අදාළවය.