Loading...
මාතලේ, නාගල වත්තේ නාය ඛේදවාචකයෙන් මසකට පසු.
Local මාතලේ, නාගල වත්තේ නාය ඛේදවාචකයෙන් මසකට පසු.
  • Admin
  • Dec 30, 2025 | 13:19

මාතලේ, ගම්මඩුව, නාගල වත්ත ප්‍රදේශයේ සිදුවූ දරුණු නායයෑම හේතුවෙන් වතු නිවාස රැසක් විනාශ වූ අතර තවමත් පුද්ගල මළ සිරුරු පස් යට සැඟව ඇතැයි ප්‍රදේශවාසීන් පවසයි.මළ සිරුරු සොයා ගැනීමට නොහැකි වූ පුද්ගලයින් වෙනුවෙන් අද (30) දින හින්දු ආගමික චාරිත්‍රානුකූලව කටයුතු සිදුකර තිබුණි.නායයෑම සිදුව අදට දින 31ක් ගතව ඇති අතර, මේ වනවිටත් එම ප්‍රදේශයේ පවුල් 24ක් තවමත් ජීවත් වේ. ඔවුන්ට තවමත් නිසිලෙස මාර්ග පහසුකම් නොමැති අතර, ඉතා අනාරක්ෂිත ලෙස සිය ජීවිතය ගත කරනු දක්නට ලැබුණි.ඔවුන් ජනාධිපතිවරයා ඇතුළු බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ තමන්ට ජීවත් විය හැකි ආරක්ෂිත ස්ථානයක් සාදා දෙන ලෙසය.