Loading...
ජීවන ගීතය ගයා නිම කළ ගීත කෝකිලාවියට අවසන් ගෞරව දැක්වීමට ජනතාව පෙළගැසෙයි.
Local ජීවන ගීතය ගයා නිම කළ ගීත කෝකිලාවියට අවසන් ගෞරව දැක්වීමට ජනතාව පෙළගැසෙයි.
  • Admin
  • Dec 29, 2025 | 12:38

අභාවප්‍රාප්ත හෙළයේ ගීත කෝකිලාවිය, කලාශූරී ලතා වල්පොල මහත්මියගේ දේහය අවසන් බුහුමන් සඳහා බොරැල්ලේ පෞද්ගලික මල් ශාලාවක අදත් (29) තැන්පත් කර තිබේ.ඊයේ (28) පස්වරුවේ සිට මේ දක්වා විශාල පිරිසක් ඇයට අවසන් ගෞරව දැක්වීමට පැමිණෙන අයුරු දැකගත හැකිය.ලතා වල්පොල මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව ලබන 31 වන බදාදා සිදුකිරීමට නියමිතය.හෙළයේ ගීත කෝකිලාවිය වූ කලාසූරී ලතා වල්පොල මහත්මිය ඉකුත් සෙනසුරාදා අභාවප්‍රාප්ත වුයේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුරය.සිය දිවිගමන නිමා කරන විට ඇය 91 හැවිරිදි වියේ පසුවිය. එතුමියගේ දේහය බොරැල්ලේ පෞද්ගලික මල් ශාලාවක ඊයේ පස්වරුවේ තැන්පත් කෙරුණේ මහජන ගෞරවය වෙනුවෙනි.ඒ අනුව ඊයේ පස්වරු 4 සිට හෙළයේ ගීත කෝකිලාවියට අවසන් ගෞරව දැක්වීමට කලාකරුවන් , දේශපාලනඥයින් ඇතුළු විශාල පිරිසක් පැමිණියේය.අදත් උදෑසන 10 සිට ඇයගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ජනතාවට අවස්ථාව සලසා දී තිබුණි.