ගල්ගමුව ආසනය තුළ පවත්නා අලි මිනිස් ගැටුම සම්බන්ධයෙන් විසදුම් සෙවීම සදහා සාකච්ඡා කිහිපයක් ගල්ගමුව සියඹලාංගමුව, කත්නෝරුව, ඇහැටුවැව හා දේවගිරිපුර ප්‍රදේශවලදී ඊයේ (28) මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
එහිිදී එම ප්‍රදේශවල අලි මිනිස් ගැටුම අවම කිරීම සදහා වන ක්ෂණික හා කෙටිකාලීන තීන්දු තීරණ රාශියක් ගැනීමට හැකිියාව ලැබුණු අතර දීර්ඝකාලීන විසදුම් සදහාද යෝජනා ඉදිරිපත් වි තිබේ.
විශේෂයෙන්ම පසුගිය ආපදා සමයේදී විනාශ වූ අලි වැට ප්‍රතිසංස්කරණය කිරීම සදහාත් අලිවැට නොමැති ප්‍රදේශ සදහා විද්‍යාත්මක වූ නව අලිවැට කිහිපයක් ඉදි කිරීම සදහාත් මෙහිදි තීරණය කෙරිණ.
ඒ අනුව සියඹලාංගමුව ප්‍රදේශයේ සිට කිලෝමීටර් 26 ක පමණ දිග ප්‍රමාණයකින් යුත් අලි වැටක් නිර්මාණය කිරීමට යෝජනා අනුමත කරන ලද අතර එම ප්‍රදේශ සදහා සිවිල් ආරක්ෂක බලකායෙන් නිළධාරීන් අනුයුක්ත කිරීමටත් අවශ්‍ය ප්‍රදේශ සදහා වන ජීවී උපකාර්යාල හා ජංගම කාර්යාල පිහිටුවීමටත් තීරණය කර ඇත.
එමෙන්ම මෙම අලි මිනිස් ගැටුම සදහා ස්ථිර විසදුම් වශයෙන් යෝජිත අලි කොරිඩෝ විධිමත් ලෙසින් ගොඩ නැගීමටත් වන අලින් සදහා අවශ්‍ය ආහාර හා ජලය ප්‍රමාණවත් පරිදි සමන්විත වන ආකාරයෙන් සුපෝෂිත කලාපයන් ගොඩ නැගීමටත් මෙහිදි තීරණය විය.
එම ප්‍රදේශ විද්‍යාත්මක ලෙසින් හදුනා ගැනීම සදහා GPS තාක්ෂණයෙන් සිතියම් ගත කිරීමට ජනවාරි මාසයේ සිට සිදු කිරීමට තිරණය කරන ලදී.
මෙම සියලු ක්‍රියාමාර්ගයන් නිශ්චිත කාලරාමුවක් යටතේ සිදු කිරීමට අදාල නිළධාරින් හට උපදෙස් ලබා දෙන අතර ඉතා කඩිනමින් අදාල ක්‍රියාමාර්ග ගැනීමට ද එහිදි තීරණය විය.
එමෙන්ම සමස්ත කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ මෙම ගැටලුව සම්බන්දයෙන් සාකච්ඡා කොට තවදුරටත් අවශ්‍ය තීන්දු තීරණ ගැනීම සදහා 2025 දෙසැම්බර් මස 31 වන දින කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පරිසර හා වන ජීවී අමාත්‍යවරයාගේත් වනජීවී අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේත් ඇතුළු රජයේ නිළධාරීන්ගේ සහභාගීත්වයෙන්ද යුතු විශේෂ සාකාච්ඡාවක් පැවැත්වීමටද තීරණය කර ඇත.
මෙම අවස්ථාවට පරිසර හා වන ජීවී නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතාත් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන තෙන්නකෝන් මහතාත් සිවිල් ආරක්ෂක බලකායේ අධ්‍යක්ෂ ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතාත් වනජීවි දෙපාර්තමේන්තුවේ ඉහළ නිළධාරීන් ද ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම්වරයා ඇතුළු නිළධාරීන් රැසක්ද සහභාගී වූහ.