Loading...
විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් කටුනායක දී අත්අඩංගුවට.
Local විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් කටුනායක දී අත්අඩංගුවට.
  • Admin
  • Dec 29, 2025 | 11:23

රුපියල් එක් කෝටි පනස් ලක්ෂයක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සහ නවීනතම ජංගම දුරකථන තොගයක් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනෙකු ඊයේ (28) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ” හරිත මාවත ” ( Green Channel ) ඔස්සේ පිට වී යාමට තැත් කරමින් සිටියදී ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .මොවුන් 22 හැවිරිදි සහ 23 හැවිරිදි වියේ පසුවන ඉන්දීය ජාතික ව්‍යාපාරික තරුණයන් දෙදෙනෙකි .ඔවුන් අද පස්වරු 06.00 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 654 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .එහිදී ඔවුන් රැගෙන ආ ගමන් මලු 06 ක් තුළ විදේශීය නිෂ්පාදිත “මැන්චෙස්ටර් ” සහ ” ප්ලැටිනම්” වර්ගයේ දුම්වැටි 84,000 ක් අඩංගු දුම්වැටි කාටූන් 420 ක් සහ “ඇපල්” වර්ගයේ නවීනතම ජංගම දුරකථන 25 ක් ද සගවා ගෙන සිටියදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ .ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් මොවුන් අත්අඩංගුවේ තබා ගෙන මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිති .