Loading...
කොළඹ කොටුව සිට හලාවත දක්වා දුම්රිය ධාවනය අද සිට යළි ඇරඹෙයි.
Local කොළඹ කොටුව සිට හලාවත දක්වා දුම්රිය ධාවනය අද සිට යළි ඇරඹෙයි.
  • Admin
  • Dec 29, 2025 | 10:17

පුත්තලම දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව සහ හලාවත අතර දුම්රිය ධාවන කටයුතු අද (29) සිට යළි ආරම්භ වේ. දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ ආපදාවට ලක් වූ දුම්රිය මාර්ග කොටසෙහි අලුත්වැඩියා කටයුතු අවසන් කර ඇති බැවින් මෙම ධාවන කටයුතු නැවත ආරම්භ කරන බවය. පසුගියදා පැවැති ආපදා තත්ත්වය හේතුවෙන් පුත්තලම දුම්රිය මාර්ගයේ කුඩාවැව සහ මාදම්පේ දුම්රිය ස්ථාන අතර පිහිටි කඩුපිටිඔය හරහා පවතින දුම්රිය පාලම අසලින් දුම්රිය මාර්ගය සෝදාගෙන යාම හේතුවෙන් කොළඹ කොටුව සිට හලාවත / පුත්තලම අතර දුම්රිය ධාවනය අත්හිටුවීමට පියවර ගෙන තිබුණි.ඒ හේතුවෙන් හලාවත දුම්රිය ස්ථානයේ ගාල් කර තිබු දුම්රිය කට්ටල 05 ක් දුම්රිය ධාවනය සදහා යොදා ගැනීමට නොහැකි වූ අතර, එම මාර්ගයේ දුම්රිය ධාවනය, නාත්තන්ඩිය දුම්රිය ස්ථානය දක්වා පමණක් සීමා විය.ඒ අනුව එම මාර්ගය යථාතත්වයට පත් කිරීමෙන් අනතුරුව අද සිට හලාවත දක්වා දුම්රිය ධාවනය සිදුකෙරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.එමෙන්ම මීට අමතරව කොළඹ කොටුව සහ මීගමුව අතර අතර උදෑසන සහ සවස් කාලයේ දුම්රිය සාමාන්‍ය පරිදි ධාවනය වන බවත් දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.