Loading...
මිනුවන්ගොඩදී විදෙස් රටක ගිනිඅවියක් සහ ටී 56 පතරොම් සහිතව අයෙක් අත්අඩංගුවට
Local මිනුවන්ගොඩදී විදෙස් රටක ගිනිඅවියක් සහ ටී 56 පතරොම් සහිතව අයෙක් අත්අඩංගුවට
  • Admin
  • Dec 28, 2025 | 10:40

මිනුවන්ගොඩ ප්‍රදේශයේදී විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවියක්, එහි පතරොම් ගැබක් සහ ටී 56 පතරොම් 25ක් සමග සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (27) දිනයේදී බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත සිදුකරන ලද වැටලීමකදි මෙම ගිනිඅවිය සහ පතරොම් හමුව ඇත.

මේ සමග සැකකරුවෙකුද පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අවුරුදු 43ක් වූ හීනටියන, මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවද පොලීසිය සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකරු සහ සිද්ධිය සම්බන්ධව බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන පවත්වයි.