Loading...
දරුවන් අතර ඉන්ෆ්ලුවන්සා , චිකුන් ගුන්යා,ඩෙංගු වැඩි වෙලා මදුරුවන් බෝ වීම අඩු කරගන්න ඕන
Wellness දරුවන් අතර ඉන්ෆ්ලුවන්සා , චිකුන් ගුන්යා,ඩෙංගු වැඩි වෙලා මදුරුවන් බෝ වීම අඩු කරගන්න ඕන
  • Admin
  • Jun 01, 2025 | 00:00

රිජ්වේ ආර්යා ලමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා

මාධ්‍ය හමුව


චිකුන් ගුන්යා රෝගය ගර්භනී මව්වරුන්ට වැලදුනොත් එය උපදින දරුවන්ට බලන්න ඉඩ තිබෙනවා යැයි විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවැසීය.


දරුවන් අතර ඉන්ෆ්ලුවන්සා , චිකුන් ගුන්යා,ඩෙංගු වැඩි වෙලා තිබෙනවා.

මදුරුවන් බෝ වීම වැඩි වෙලා තිබෙනවා, ඒ නිසා මදුරුවන් බෝ වීම අඩු කරගන්න ඕන


ඉන්ෆ්ලුවන්සා රෝග ලක්ෂණ තියන රෝගීන් වැඩිවෙලා තිබෙනවා, ඒ දරුවන් අතරේ ඉක්මනින් රෝගය බෝ වෙන්න පුලුවන්.ඒ නිසා රෝග ලක්ෂණ තියන දරුවන් මුඛ ආවරණ පැලැදිය යුතුයි.

කොවිඩ් රෝගයෙන් බේරෙන්නත් මුඛ ආවරණ පැලැදීම හොදයි.


වෛරස් උණ රෝගීන් වැඩි වෙලා තිබෙනවා.වාට්ටු වල රෝගීන් අපි කලමණාකරණය කරගන්න වෙනවා.

ඩෙංගු චුකුන් ගුන්යා දෙකම හැදිච්ච දරුවෝ හමුවෙලා තිබෙනවා.


ඩෙංගු මාරාන්තිකයි.ඒ නිසා ඖෂධ ගැනීමේ පරිස්සම් වෙන්න ඕන


ඩෙංගු කියලා සැක හිතනවා නම් පරීක්ෂා කරගන්න ඕන


චිකුන් ගුන්යා හැදුනොත් එදිනෙදා වැඩ ටිකවත් කරගන්න බැරි වෙනවා.

මාස කිහිපයක් මේ කැකුම තියෙන්න පුලුවන්


පුංචිම දරුවන්ට ගර්භනී මාතාවන්ට වයසක අයට චිකුන් ගුන්න්යා හැදුනොත් අසාධ්‍ය වෙන්න පුලුවන්.

ගර්භනී මව්වරුන්ට චිකුන් ගුන්යා හැදුනොත් උපදින දරුවාට බලපාන්න පුලුවන්