දේශීය ව්‍යවසායකයින්, දේශීය හා ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත ප්‍රවේශ කිරීමට සහ ගෝලීය ව්‍යාපාරික ජාලයට සම්බන්ධ වීම සදහා “Made in Sri Lanka” වෙළෙඳ ප්‍රදර්ශනය වැලිගම වෙරළ තීරයේදී කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.ඊයේ(26) ඇරඹි මෙම ප්‍රදර්ශනය අද(27) සහ හෙට(28) පෙ.ව. 10.00 සිට ප.ව. 10.00 දක්වා පැවැත්වේ.