Loading...
‘කැක්කුම’ සංවිධානයෙන් ජාතික ජන බලවේගයට මිලියන දෙකක ඖෂධ පරිත්‍යාගයක්.
Local ‘කැක්කුම’ සංවිධානයෙන් ජාතික ජන බලවේගයට මිලියන දෙකක ඖෂධ පරිත්‍යාගයක්.
  • Admin
  • Dec 27, 2025 | 15:07

පසුගියදා ශ්‍රී ලංකාවට බලපෑ සුළිකුණාටු ව්‍යසනය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාව වෙත සෞඛ්‍ය පහසුකම් ලබා දීම සඳහා ‘කැක්කුම’ සංවිධානය විසින් මිලියන දෙකකට ආසන්න ඖෂධ තොගයක් අද (27) දින පෙරවරුවේ ජාතික ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලය වෙත භාරදෙන ලදී.‘කැක්කුම’ සංවිධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය අශෝක ජයසේන මහතා ඇතුළු එම සංවිධානයේ පිරිසක් මෙම ඖෂධ තොගය ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී, විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා වෙත පරිත්‍යාග කළහ.මෙම ඖෂධ තොගය ගංවතුර සහ නායායෑමට ලක්ව පීඩාවට පත් ජනතාව වෙසෙන නුවරඑළිය දිස්ත්‍රික්කය වෙත යොමු කිරීමට නියමිත බවත් ඉදිරි දිනවල සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ස්වේච්ඡා කණ්ඩායම්වල සහභාගිත්වයෙන් එම ප්‍රදේශවල ජනතාව වෙනුවෙන් සෞඛ්‍ය කඳවුරු පැවැත්වීමට සූදානම් කර ඇති බවත් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා මෙහිදී පැවසීය.