Loading...
වියට්නාමය සමග පුළුල් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පවත්වා ගෙන යෑම රජයේ අරමුණයි – ඇමැති නලින්ද ජයතිස්ස.
Political වියට්නාමය සමග පුළුල් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පවත්වා ගෙන යෑම රජයේ අරමුණයි – ඇමැති නලින්ද ජයතිස්ස.
  • Admin
  • Dec 27, 2025 | 10:52

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා සහ ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපතිනයි අතර හමුවසෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපතිනි ටි්‍රන් තී ටැම් (Trinh Thi Tam) මහත්මිය අතර හමුවක් පසුගිය දා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි.ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතා මෙන්ම ඉදිරියටත් එම සබඳතා ශක්තිමත්ව පවත්වගෙන යෑම පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක්වූ අතර, වියට්නාමයේ සහාය ඇතිව මේ වනවිට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති සහ ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට නියමිත ව්‍යාපෘති සම්බන්ධයෙන් ද දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

මෙරට සෞඛ්‍ය සේවාවේ වත්මන් ක්‍රියාකාරීත්වය මෙන්ම ඖෂධ සහ වෛද්‍ය උපකරණ අවශ්‍යතාවයන්, කෘෂිකාර්මික හා සංචාරක ක්ෂේත්‍ර, කාන්තා හා ළමා කටයුතු, ආයෝජන ප්‍රවර්ධන වැඩපිළිවෙළ පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කළ අතර, ශ්‍රී ලංකාව සහ වියට්නාම වාර්ෂික ද්විපාර්ශ්වික වෙළෙඳාම පිළිබඳවත් ජනමාධ්‍ය සහ සන්නිවේදනය යන ක්ෂේත්‍රයන්ට අදාළව වියට්නාමය සතු අත්දැකීම් ශ්‍රී ලංකාව සමග බෙදා හදා ගැනීම පිළිබඳවත් මෙහිදී තානාපතිවරිය කරුණු දක්වන ලදි.එසේම වියට්නාමය රටක් ලෙස ලබා ඇති ජයග්‍රහණ ශ්‍රී ලංකාව තුළ ඵලදායීව යොදා ගැනීම සම්බන්ධයෙන් ද සාකච්ඡා කෙරුණි. ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර දිගුකාලීන ද්විපාර්ශ්වික සබඳතාවල ප්‍රධාන අංශ පිළිබඳව සිහිපත් කළ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඉදිරියේදී වියට්නාමය සහ ශ්‍රී ලංකාව අතර දේශපාලන, රාජ්‍යතාන්ත්‍රික, ආර්ථික සම්බන්ධතා ශක්තිමත් ලෙස ගොඩනඟා ගැනීමට අපේක්ෂා කරන බව ද අවධාරණය කරන ලදි.1970 දී රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති කර ගැනීමෙන් පසු වියට්නාමය සහ ශ්‍රී ලංකාව වසර 55 ක් ශක්තිමත් හා අඛණ්ඩ සබඳතා පවත්වා ගෙන ගොස් ඇත.මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, වියට්නාම තානාපති කාර්යාලයේ නියෝජ්‍ය මෙහෙයුම් ප්‍රධානී ලී වෑන් හොංග් (Le van Huong), තානාපතිවරියගේ ලේකම් රම්‍යා නිලංගනී යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.