Loading...
අද කාලගුණය.
Local අද කාලගුණය.
  • Admin
  • Dec 27, 2025 | 10:20

අද (27) දිනයේ උතුර, නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකිය.කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම නිවේදනයේ ඒ බව සඳහන්ය.ගාල්ල, මාතර, රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්කවල පස්වරු 2න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු පළාතෙත් හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40ක පමණ තරමක තද සුළං ද ඇතිවිය හැකිය.බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් බදුල්ල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කෙරේ.ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලීමක් ද කරයි.