Loading...
  • Our Address Semper Rd, Porta, NY 12203, USA
  • Contact us info@gmail.com
  • Phone + (123) 124-567-8901
Home / News Detail
රේල්පිලි මත අප මරාදමා මිනිසුනේ නුබලා මෙතරම් සැහැසි උනේ කෙලෙසද ?
Local රේල්පිලි මත අප මරාදමා මිනිසුනේ නුබලා මෙතරම් සැහැසි උනේ කෙලෙසද ?
  • Feb 20, 2025

ගල්ඔය ප්‍රදේශයේදී මීනගයා ශීඝ්‍රගාමී දුම්රියේ ගැටී වන අලි 6 දෙනෙකු මේ වනවිට මියගොස් තවත් වන අලියෙක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ.


අප වාර්තාකරු පැවසුවේ, මෙම සිද්ධියත් සමග දුම්රිය පීලි පැනීමකට ලක්ව ඇති අතර මඩකලපුව කොළඹ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය තාවකාලික ඇණහිට ඇති බවය.


ඊයේ (19) රාත්‍රි 11.35ට පමණ මෙම අනතුර සිදුව තිබුණේ කොළඹ - මඩකලපුව ප්‍රධාන දුම්රිය මාර්ගයේ ගල්ඔය 141 වැනි දුම්රිය සැතපුම් කණුව අසලදීය.


කවුඩුල්ල රක්ෂිතයේ සිට දුම්රිය මාර්ගය හරහා ගමන් කරමින් සිටි වන අලි රංචුවක් ඊයේ රාත්‍රියේ මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ මීනගයා ශීඝ්‍රගාමී දුම්රියේ මෙලෙස ගැටී තිබුණි.


අනතුරින් හත් දෙනෙකුගෙන් යුත් අලි රංචුවේ පස් දෙනෙකුම දුම්රියට යටවීමෙන් මියගියේය.


අනතුර සිදුවූ දුම්රිය ආසන්නයේ වැටී සිටි තවත් වන අලි දෙදෙනෙකු බරපතළ තුවාල ලැබූ අතර ඉන් එක් අලියෙකුද පසුව මියගියා.


අසාධ්‍ය තත්ත්වයෙන් පසුවූ එම වන අලියා මියයාමට පෙර වයස අවුරුදු තුනක් පමණ වූ පැටවා ඒ් අසල ගැවසුණු අයුරු සියලුදෙනාගේ හදවත් සංවේදී කිරීමට සමත් විය.


කඩුඩුල්ල ජාතික වනෝද්‍යානයේ වනජීවි නිලධාරීන් පැවසුවේ මියගිය වන අලි අවුරුදු 08,15 හා 20 වැනි වියේ පසුවූ අතර ඉන් 5 දෙනෙකු ගැහැණු සතුන් බවය.


අනතුරින් අසාධ්‍ය තත්ත්වයේ පසුවූ වන අලියෙකුට ගිරිතලේ වනජීවී පශු වෛද්‍ය ඒකකයේ නිලධාරීන්, ප්‍රතිකාර ආරම්භ කර තිබේ.


අනතුරින් දුම්රිය ඒන්ජිම පීලිපැනීමකටද ලක්වූ අතර මෙම ස්ථානය අලි මාරුවන ස්ථානයක් ලෙසට පුවරු ද සඳහන් කර ඇති අයුරු දක්නට ලැබේ.


දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අද උදෑසන දුම්රිය මාර්ගය පිළිසකර කර දුම්රිය පීලිගත කිරීමේ කටයුතු සිදුකරනු ලැබීය.


මෙම අනතුරත් සමග මඩකලපුව සිට කොළඹ දක්වා දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු හබරණ ගල්ඔය දක්වා සීමාකෙරුණි.


අනතුරට ලක්වූ මීනගයා ශීඝ්‍රගාමී දුම්රියේ ගමන් කරමින් සිටි මගීන් වෙනත් දුම්රියකට මාරු කිරීමටද දුම්රිය බලධාරීන් පියවර ගෙන තිබුණි.