Loading...
ගන්දරින් මුහුදු ගිය 'දිනුක පුතා' ළඟ රු. කෝටි 200 ක මත්ද්‍රව්‍ය.
Local ගන්දරින් මුහුදු ගිය 'දිනුක පුතා' ළඟ රු. කෝටි 200 ක මත්ද්‍රව්‍ය.
  • Admin
  • Dec 24, 2025 | 13:21

දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන ආ නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාවේ තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 21 කට අධික ප්‍රමාණයක් සහ අයිස් කිලෝග්‍රෑම් 172 ක් සොයාගෙන තිබේ.මෙම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රු කෝටි 200 කට ආසන්න බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පවසයි.ගන්දර ප්‍රදේශයෙන් පසුගිය 09 වනදා ධීවරයින් 05 දෙනෙකු සමග මුහුදු ගිය අදාළ ධීවර යාත්‍රාව මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටිය දී ඊයේ (23) දිනයේ නාවික හමුදා භාරයට ගෙන තිබුණි.අද උදෑසන 6ට පමණ දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන ආ අදාළ ධීවර යාත්‍රාවේ අයිස් හා හෙරොයින් මත්ද්‍රව්‍ය සහිත මලු 11 ක් සොයාගෙන තිබු බව සඳහන්ය.