Loading...
උත්සව සමයට අමතර දුම්රිය සේවාවක්.
Local උත්සව සමයට අමතර දුම්රිය සේවාවක්.
  • Admin
  • Dec 24, 2025 | 10:00

නත්තල් උත්සවය ,පාසල් නිවාඩුව සහ වසර අවසානයේ පවතින දීර්ඝ නිවාඩුව හේතුවෙන් අමතර දුම්රිය සේවාවක් එක්කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ.එහිදී අද (24) ප.ව. 03.00 ට මරදාන සිට මාතර දක්වා විශේෂ ශිඝ්‍රගාමී දුම්රියක් ධාවනයට සැලසුම් කර ඇත. එම විශේෂ දුම්රිය මෙම මස (29) දින මාතර දුම්රිය ස්ථානයෙන් පෙ.ව.05.00 ට කොළඹ කොටුව දක්වා පිටත්වී කොළඹ කොටුවට පෙ.ව. 08.30 ට ළඟා වීමට සැලසුම් සකස් කර ඇති බව සඳහන් වෙයි.තවද, කොළඹ කොටුව - කන්කසන්තුරය නගරාන්තර දුම්රිය එළැඹෙන (25) සහ (28) යන දිනවල ධාවනයට සැලසුම් කර ඇත.මෙම දුම්රිය පළමු පංතියේ වායු සමනය කල මැදිරි 09 කින් සමන්විත බව සඳහන්ය.