Loading...
ගුවන්යානයක් කඩාවැටී 05 දෙනෙකු මරුට.
Local ගුවන්යානයක් කඩාවැටී 05 දෙනෙකු මරුට.
  • Admin
  • Dec 23, 2025 | 10:20

මෙක්සිකෝවට අයත් වෛද්‍ය සේවා ගුවන් යානයක් අමෙරිකාවේ ටෙක්සාස් හි ගැල්වෙස්ටන්ස් බොක්ක ආසන්නයේදී කඩා වැටී තිබේ.

අනතුරට ලක්වන විට යානයේ මගීන් 8 දෙනෙක් සිට තිබූ අතර ඔවුන්ගෙන් සිවු දෙනෙක් සිවිල් වැසියන් වූ අතර අනෙක් සිවු දෙනා මෙක්සිකෝ නාවික හමුදාවේ සාමාජිකයන්ය.අනතුරෙන් පස්දෙනෙක් මියගොස් ඇති අතර ඒ අතරට දෙහැවිරිදි දැරියක් ද අයත් වුණි.යානයේ සිටි දෙදෙනෙක් නිරුපද්‍රිතව මුදාගෙන ඇති අතර, අනෙක් පුද්ගලයා සොයා මෙහෙයුමක් ද ක්‍රියාත්මකයි.පිලිස්සුම් තුවාල ලැබූවන් වෙනුවෙන් ප්‍රතිකාර ලබාදීමේ කඳවුරකට එක්වීමට එම යානය ගමන් කරමින් පැවති බවට මෙක්සිකානු නාවික හමුදාව ද තහවුරු කළේය.කලාපයේ පැවති ඝන මීදුම හේතුවෙන් අනතුර සිදුවන්නට ඇති බවයි බලධාරීන් සැක පළකරයි.