Loading...
ඉන්දීය අග­මැති ඊශ්‍රා­ය­ලයේ සංචා­ර­යක .
Foreign News ඉන්දීය අග­මැති ඊශ්‍රා­ය­ලයේ සංචා­ර­යක .
  • Admin
  • Feb 26, 2026 | 14:14

ඉන්දි­යාව සහ ඊශ්‍රා­ය­ලය අතර ආර­ක්ෂක සහ වෙළෙඳ ද්විපා­ර්ශ්වික සාකච්ඡා පැවැ­ත්වීම අර­මුණු කර­මින් ඉන්දීය අග­මැති නරේන්ද්‍ර මෝදි ඊශ්‍රා­ය­ලයේ සංචා­ර­යක් ආරම්භ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඊයේ ඇර­ඹුණු දෙදින නිල සංචා­රය වසර 9ක් ඇතු­ළත සිදු­වන ඉන්දීය අග­මැ­ති­ව­ර­යාගේ දෙවැනි සංචා­රය බවත්, ඊට පෙර ඔහු 2017 වසරේ ජුලි මාස­යේදී සිය පළමු සංචා­රය සිදු කළ බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මේ සංචා­ර­යේදී දෙරට අතර ආර­ක්ෂක සහ නිද­හස් වෙළෙඳ ගිවි­සු­ම­කට දෙරටේ නාය­ක­යන් අතර එක­ඟ­තාව පළ­වනු ඇතැයි ද, ඉන්දි­යාව සමඟ පව­තින සම්බ­න්ධතා ශක්ති­මත් කිරීම ඊශ්‍රා­යල අග­මැති බෙන්ජ­මින් නෙත­න්යා­හුගේ අපේ­ක්ෂාව වී ඇතැයි ද ඉන්දි­යාවේ ඊශ්‍ර­යාල තානා­පති රියු­වන් අසාර් ප්‍රකාශ කර තිබේ.

මෝදි සහ නෙත­න්යාහු අතර ද්විපා­ර්ශ්වික සාක­ච්ඡා­වෙන් ඉදි­රි­යේදී ඉන්දීය ව්‍යාපා­රි­ක­යන්ට ඊශ්‍රා­ය­ලයේ ආයෝ­ජන අව­ස්ථාව හිමි­වනු ඇති බවත්, සයි­බර් ආර­ක්ෂ­ණය, කෘත්‍රිම බුද්ධි තාක්ෂ­ණය ඇතුළු තාක්ෂණ නවෝ­ත්පා­දන ක්‍රියා­ව­ලිය සඳහා ඉන්දි­යා­වට ඊශ්‍රා­ය­ලයේ සහ­යෝ­ගය ලැබෙනු ඇතැයි ද තානා­ප­ති­ව­රයා වැඩි­දු­ර­ටත් සඳ­හන් කර තිබේ.