Loading...
ජන­වා­රියේ උද්ධ­ම­නය පහ­ළට.
Local ජන­වා­රියේ උද්ධ­ම­නය පහ­ළට.
  • Admin
  • Feb 24, 2026 | 12:42

පසු­ගිය වසරේ දෙසැ­ම්බර් මාස­යට වඩා මේ වසරේ ජන­වාරි මාස­යේදී උද්ධ­ම­නය පහළ ගොස් ඇතැයි ජන­ලේ­ඛන හා සංඛ්‍යා­ලේ­ඛන දෙපා­ර්ත­මේ­න්තුව ප්‍රකාශ කරයි.


පසු­ගිය වසරේ දෙසැ­ම්බර් මාසයේ මෙරට උද්ධ­ම­නය 2.9 % ක් ලෙස වාර්තා විණි. එය මේ වසරේ ජන­වාරි මාස­යේදී 2.4% ක් දක්වා අඩුවී ඇත.


ජාතික පාරි­භෝ­ගික මිල දර්ශ­කය (පද­නම 2021 = 100) : 2026 ජන­වාරි මාසයේ උද්ධ­ම­නය පිළි­බ­ඳව ඊයේ (23) එම දෙපා­ර්ත­මේ­න්තුව නිකුත් කළ නව­තම වාර්තා­වක මේ බව සඳ­හන් වෙයි. 2026 ජන­වාරි මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරි­භෝ­ගික මිල දර්ශ­කය (ජා.පා.මි.ද.) සහ මාසික පාරි­භෝ­ගික උද්ධ­ම­නය ද මේ සමඟ ප්‍රකා­ශ­යට පත් කර ඇත. ඒ අනුව 2025 දෙසැ­ම්බර් මාසයේ දී 2.9%ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධ­ම­නය 2026 ජන­වාරි මාසය සඳහා 2.4% ක් දක්වා අඩුවී ඇත. 2025 දෙසැ­ම්බර් මාස­යේදී 4.4% ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍ය­මය උද්ධ­ම­නය 2026 ජන­වාරි මාස­යේදී 3.4% ක් දක්වා අඩු වීම ඇතුළු කරුණු ගණ­නා­වක් මීට හේතු වී තිබේ.


එමෙන්ම 2025 දෙසැ­ම්බර් මාසය සඳහා ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධ­ම­නය (ලක්‍ෂ්‍ය­මය) 1.6% ක් ලෙස පැවති අතර, 2026 ජන­වාරි මාසය සඳහා ද එම අගය 1.6% ක් ලෙස නොවෙ­නස්ව පැවති බව ද එම දෙපා­ර්ත­මේ­න්තුව කියයි.