Loading...
බස් දෙකක් මුහුණට මුහුණ ගැටෙයි.
Local බස් දෙකක් මුහුණට මුහුණ ගැටෙයි.
  • Admin
  • Feb 24, 2026 | 10:02

වාද්දූව, මොරන්තුඩුව මාර්ගයේ මැලෑගම ප්‍රදේශයේ දී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව ඇතැයි පොලීසිය පවසයි.

අනතුර සිදුවන අවස්ථාවේ දී බස් රථ දෙකෙහිම මගීන් සිට නොමැති අතර, අනතුරින් බස් රියදුරන් දෙදෙනාම තුවාල ලබා පානදුර මුලික රෝහලට ඇතුළත් කර ඇතැයි අද දෙරණ වාර්තාකරු පැවසීය.

එක් බස් රථ රියදුරෙකුගේ තත්ත්වය බරපතළ බවද වාර්තා වේ.

අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ වාද්දූව පොලීසිය මඟින් මෙහෙයවයි