Loading...
ටෙලි නළුවා කොකේන් සමඟ දැලේ.
Local ටෙලි නළුවා කොකේන් සමඟ දැලේ.
  • Admin
  • Feb 18, 2026 | 10:46

පෞද්ග­ලික රූප­වා­හිනි නාළි­කා­වක මේ දින­වල ඉතා ජන­ප්‍රිය ටෙලි නාට්‍ය­යක රංග­න­යෙන් දාය­ක­වන ජන­ප්‍රිය රංගන ශිල්පි­යෙක් ඇතුළු තිදෙ­නකු කොකේන් මත්ද්‍රව්‍ය මිලි­ග්‍රෑම් දහ­යක්, ගංජා මිශ්‍ර චිප්ස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් දෙසිය පන­ස්ප­හක් සමඟ මත්තේ­ගොඩ පොලී­සිය මඟින් අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.


පිළි­ය­න්දල ප්‍රදේ­ශයේ බෝඩිම් කාම­ර­යක තිබී මේ මත්ද්‍රව්‍ය තොගය අත්අ­ඩං­ගු­වට ගෙන ඇති අතර මෙසේ අත්අ­ඩං­ගු­වට ගත් සැක­ක­රු­වන් අනු­රා­ධ­පුර ප්‍රදේ­ශයේ සහ පිළි­ය­න්දල ප්‍රදේ­ශ­වල පදිංචි (26 සහ 28) වයසේ පසු­වන තිදෙ­නකු බව පොලී­සිය කියයි.


කොළඹ සිට අනු­රා­ධ­පු­ර­යට මත්ද්‍රව්‍ය ප්‍රවා­හ­නය කරන පුද්ග­ල­යකු පිළි­බඳ මත්තේ­ගොඩ පොලී­සියේ ස්ථානා­ධි­පති පොලිස් පරී­ක්ෂක ඉන්දික කුමාර මහ­තාට ලද තොර­තු­රක් අනුව පිළි­ය­න්දල නගර මධ්‍යයේ බෝඩිං කාම­ර­යක් පරික්ෂා කරන ලදී. එහිදී කුරි­යර් සේවා­වක සේවය කරන පුද්ග­ල­යකු ගංජා මිශ්‍ර චිප්ස් ග්‍රෑම් පන­හක කැට­යක් සමඟ එම ආය­ත­නය ඉදි­රි­පි­ටදී අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ. පසුව සැක­කරු රැඳී සිටි බෝඩි­මට ගොස් එය පරික්ෂා කිරී­මේදී එහි රැඳී සිටි පුද්ග­ල­යකු සන්ත­කයේ කොකේන් මත්ද්‍රව්‍ය මිලි­ග්‍රෑම් දහ­යක් තිබී හමුවූ බවත් ඔහු මේ දින­වල පෞද්ග­ලික රූප­වා­හිනී නාළි­කා­වක විකා­ශ­නය වන ටෙලි නාට්‍ය­යක රංගන ශිල්පි­යකු බව පොලී­සිය කියයි. පසුව මෙම මත්ද්‍රව්‍ය සැක­ක­රු­වන්ට ලබා දෙන පුද්ග­ලයා පිළි­බඳ ලද තොර­තු­ර­කට අනුව ඔහුගේ පිළි­ය­න්දල නිවස පරීක්ෂා කිරී­මේදී එහි තිබී තවත් ගංජා මිශ්‍ර චිප්ස් ග්‍රෑම් 255 ක් හමු වී තිබේ. පසුව සැක­ක­රු­ව­න්ගෙන් කළ ප්‍රශ්න කිරී­මේදී එම මත්ද්‍රව්‍ය අව­සන් වරට අත්අ­ඩං­ගු­වට ගත් සැක­කරු විසින් ලබා දෙන බවත්, එසේ ලැබෙන මත්ද්‍රව්‍ය කොළඹ සිට අනු­රා­ධ­පු­ර­යට කුරි­යර් සේවා­වක් හරහා ප්‍රවා­හ­නය කරන බවට තොර­තුරු අනා­ව­ර­ණය වූ බවත් පැවසේ. ඒ අනුව අත්අ­ඩං­ගු­වට ගත් සැක­ක­රු­වන් තිදෙනා ඊයේ (17දා) කැස්බෑව අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තව තිබිණි.