ස්කොට්ලන්තයේ නේවාසික වෛද්‍යවරු වැඩ වර්ජනයක් ආරම්භ කිරිමට කටයුතු සූදානම් කරමින් තිබේ.
එරට ජාතික සෞඛ්‍ය සේවයේ වැඩ වර්ජනයක් දියත් කෙරෙන පළමු අවස්ථාව මෙය බව විදෙස් වාර්තා සඳහන් කරයි.වෛද්‍යවරුන්ගේ වැටුප් 2008 මට්ටමට යථා තත්ත්වයට පත් කිරීම සඳහා පියවර නොගන්නා බවට එරට රජයට චෝදනා එල්ල වී තිබේ.වැඩවර්ජනය සම්බන්ධයෙන් වෛද්‍යවරු ඒ සඳහා කැමැත්ත විමසීමක් සිදුකර ඇති අතර 92%ක් ඊට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර ඇති බව සඳහන් වේ.ඒ අනුව වැඩ වර්ජනය 2026 ජනවාරි මස 13 වන අඟහරුවාදා උදෑසන 07:00 සිට ජනවාරි 17 වන සෙනසුරාදා 07:00 දක්වා පැවැත්වීමට නියමිතව ඇත.ස්කොට්ලන්ත සෞඛ්‍ය ලේකම් නීල්ග්‍රේ මාධ්‍යට පවසා ඇත්තේ, මෙම තීරණය සම්බන්ධයෙන් තමා කලකිරීමට පත්ව ඇති බවයි.